ඔන්න කස්ටිය පොඩ්ඩක් විතර ලොකු Attention එකක් දෙන්න ෙඕන කථාවක් තමයි මේ. කස්ටිය Facebook Hacking ගැන ලොකු උන්නදුවක් තියනව නොවැ. මමත් ඉතිං ඕක ගැන හොයල බලන උනක් තිබුණු නිසා මං ජංජාලෙ ඕක ගැන හෙව්ව. ඉතිං මට හම්බ උනා අලුත්ම Phishing Attack එක. මේකෙන් FB විතරක් නෙමෙයි ඕන එකකට ගේම දෙන්න පුලුවන් (ගේම බැරිනං කාමරයක් හරි දෙන්න පුලුවන් :D)
අඩුම ගානේ මේව නොකරනවනං මේවයින් බේරෙන්න හරි මේ Post එක වැදගත් වෙයි කියල හිතුනු නිසයි දාන්නෙ (මම නං මේව කරන් නෑ :v) ගොඩක් අය දන්නව ඇති නොදන්න අයත් කීප දෙනෙක් හරි ඉන්නව ඇති නේ..
මේකට කියන්නෙ Tab Phishing …..මේකෙ Procedure එක මෙහෙමයි..
ඔන්න හිතමු අපි පුරැදු විධියට Facebook Log වෙලා එහෙම තව Tab එකක් අරගෙන mail check කරකර තව Tab එකක් ඇරගෙන Youtube Vedio එකක් බලනවයි කියල (උපකල්පනය - මේකෙ ඉන්න අය මම වගේම කාලය ඉතුරැ කරන්නෙ එහෙමයි කියා සිතීම :D) ඔන්න එකපාරටම Notification එකක් එනව FB Tab එකට. ඉතින් අපි මොකද්ද කරන්නෙ ඒක උඩ Click කරල ඒක බලනව නේ.. ඔන්න එතකොටම massage එකක් එනව Login Request එකක්. අපි Log වෙලා හිටිය එක නිසා වැඩිය හිතන්නෙත් නෑ එක දෙනව . ඒ කියන්නෙ Sorry.com වෙලා ඉවරයි කියන එක :O
ඒ කියන්නෙ අපි වෙන Tab එකක ඉන්න අතරෙ අපේ FB එකේ URL එක Fake URL එකකට මාරැ වෙලා..
ඔන්න ඕකයි Procedure එක.
මේවයින් බේරෙන්න නම් හැම වෙලාවෙම URL එක ගැන Attention එකක් තියා ගන්න.
Microsoft Security Updates install කරගෙන තියා ගන්න (IE use කරන අයට විශේෂයි , XP Use කරන අයට අති විශේෂයි).
Internet Security එක Update එකේ තියා ගන්න.
3rd Party Software වලට FB Link
කරන්න එපා.
පුලුවන් නම් Secure Browsing (https://) එකක් Use කරන්න.(සමහර අය කරන ජිල්මාට් වැඩ වලට Secure Browsing එක කරදරයක්ලුනේ ;-) )
එහෙනන් කට්ටියට එහෙම දෙයක් නෙවේවා කියල ප්‍රර්ථනා කරනව :)
No comments:
Post a Comment